Categories: Firefox Internet Sinhala

Pocket එකට දාමුද?

 

ඔයා content writer කෙනෙක්ද, university student කෙනෙක්ද එහෙමත් නැත්තම් online reader කෙනෙක්ද එහෙනම් ඔයා හැම වේලෙම අන්තර්ජාලය හරහා ලිපි සහ ඒ අදාල දෙවල් නිතරම බලනවා වෙන්න පුළුවන්, ඒ සෑම විටම ඔයා අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්න ඔනේ ,2007දී mozilla සමාගම මේ ප්‍රශනයට කදිම විසදුමක් හදුන්වා දුන්නා ඒ “Read it later ” යනුවෙන් නම් කරන ලද application එකක්.
Read it later ලෙස පෙර භාවිතා කළ මෙම application එක නව මුහුණුවරකින් pocket ලෙස කළඑළි බැස අවසන්ය.

Mozilla සමාගම විසින් නිර්මාණය කළ මෙය මුල් කාලයේ භාවිතා වූවේ Desktop පරිගණක වල පමණි.නමුත් දැන් pocket 7.0 ලෙස නම් කරන ලද නවතම application එක mac OS, windows ,IOS,android,kobo e-readers සහ web browser (extension එකක් ලෙස)යන සියල්ලේම භාවිතා කළ හැකිය. මෙම නව සංස්කරණයේ නව අංග රැසක් එක් කර තිබේ එමෙන්ම පෙර සංස්කරණයට වඩා වේගවත් භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණතකින් සමන්විතය.

 

සරලවම Pocket එකෙන් සිදුවන්නේ අපි කැමති article එකක් , සින්දුවක් හෝ එවැනි සියල්ල pocket එකට save කිරීමට හැකිය පසුව එම save කරන ලද දෑ අන්තර්ජාලය නොමැතිව offline read කිරීමට හැකියාව ලබා දෙයි, මෙමගින් අප save කර ගන්නා article වල clutters ඉවත් කර edit කිරීමේ පහසුකමද ලබා දෙයි.තවද ඒවා කළමනාකරණය කිරීමටද හැකියාව ලබා දෙයි.එපමණක් නොව ඔයා save කරන article, Text to speech තාක්ෂණය ඔස්සේ සවන් දීමටද හැකියාව ඇත.

 

හිතන්න මෙම නවතම විශේෂාංගත් එක්ක මෙය ඔබගේ වැඩ පහසු කරන අපූරුව, ඉතින් තවත් කල් අරින්නේ නැතුව ඔයත් pocket application එකට හුරු වෙන්න

https://www.mozilla.org/en-US/firefox/pocket/

Article By – https://www.linkedin.com/in/pasindu-jayakody-1a0860114

 

 

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.