Categories: Internet Sinhala SUSL

Mozilla සමාගම Open COVID Pledge සදහා තම පූර්ණ සහය පල කරයි.


COVID-19 ලොව පුරා මිලියනයකට වැඩි ජනතාවක්, පීඩාවට පත් කර ඇති අතර එම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඉතිං මෙම ගෝලීය වසංගතය සදහා රටක් වශයෙන් නොව මුළු ලෝකයක් වශයෙන් මුහුණ දීමට අපට සිදුවී ඇත. මෙහිදී ලෝකයේ සිටින විද්‍යාඥයන්, වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් ගේ දැනුම සහ හැකියාවන් බෙදාහදා ගැනීමට ඇති හැකියාව COVID-19 අවසන් කිරීම සඳහා ඉතා වැදගත් බව අපි දනිමු.

 

මෙම ගැටළුව විසඳීම සඳහා විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ නීති විශාරදයින්ගේ ජාත්‍යන්තර සන්ධානයක ව්‍යාපෘතියක් වන Open COVID Pledge නිර්මාණය කර ඇත. COVID-19 වසංගතය අවසන් කිරීම සහ එහි බලපෑම අවම කිරීම සඳහා ඔවුන්ගේ බුද්ධිමය දේපල(IP) තාවකාලිකව නොමිලේ ලබා දෙන ලෙස මෙම ව්‍යාපෘතිය සමාගම්, ආයතන, විශ්ව විද්‍යාල සහ වෙනත් සංවිධානවලින් ඉල්ලා සිටී.

Open COVID Pledge සංවිධායකයින්ට සහ දායකයින්ට Mozilla සමාගම ස්තූතිවන්ත වන අතර මෙම ඉතා වටිනා උත්සාහයට සහයෝගය දැක්වීම ගැන ඔවුන් ආඩම්බර වේ. තව දුරටත් ඔවුන් සදහන් කර සිටියේ “අපි අන්තර්ජාලය විවෘතව තබා ගැනීමට සහ සැමට ප්‍රවේශ විය හැකි ආයතනයකි. අපගේ එදිනෙදා කටයුතුවලදී දැනුම,  තාක්ෂණයන් සහ සම්පත් විවෘතව හුවමාරු කර ගැනීමට අපි සහාය වන අතර මෙම සමාජ අර්බුදය හමුවේ ලෝකය ආරක්ෂා කර ගැනීමට සහ ජීවිත බේරා ගැනීමට මෙම ක්‍රියාන්විතය විශාල සහයක් වන බව අප විශ්වාස කරමු. COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා මෙම වැදගත් පියවරට සහයෝගය දැක්වීමට අප හා එක්වන ලෙස අපි අන් අයට ද ආරාධනා කරමු.”

තවද මේ සදහා ලොව ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයක් වන Intel, Microsoft, Amazon, Facebook සහ IBM වැනි සමාගම් ද තම පුර්ණ සහය පල කර ඇති බව වාර්තා වේ.

නිසැකවම මෙම ව්‍යාපෘතිය, COVID-19 මර්දන සටනේ ප්‍රබල ස්ථානයක ගනු ඇත. තවද, මෙවැනි ගෝලීය වසන්ගත හමුවේ තනි තනි රටවල් වශයෙන් විසදුම් සෙවීමට වඩා ලෝකයක් විදිහට එකමුතුව මුහුණ දීමේ වැදගත්කම, මේ හරහා මුළු ලොවටම කියාපායී.

Article by: Sachith Mayantha Fernando

 

One comment on “Mozilla සමාගම Open COVID Pledge සදහා තම පූර්ණ සහය පල කරයි.”

Post a comment

  1. Madhushi Jayasinghe wrote on

    Good job 🎈

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.