Categories: Firefox Internet Sinhala

ඔබත් Crypto Jacker කෙනෙක්ගේ ගොදුරක්ද?

ලඟකදී ඉඳන් පරිගණකය එක පාරට slow වෙනවද? එක පාරම fan එකේ වේගේ වැඩි වෙනවා වගේ ඇහෙනවද, lap එකේ battery එක බහින වේගේ වැඩි වෙලාද? වෙනදට වඩා වැඩි විදුලි බිලක් යනවද ඔබේ පරිගණකයට? සමහරවිට ඔබත් එහෙනම් Crypto Miner කෙනෙක්ට අහුවෙලා වෙන්න පුළුවන්. මේක Virus එකක් නෙමේ. Hardware අවුලකුත් නෙමෙයි. Cryptocurrency miners කියන්නේ Bitcoin වගේ crypto වලින් තමන්ගේ ආදායම් මාර්ගය නිර්මාණය කරගත්තු පිරිසක්.මේ අයගේ තියෙන ලොකුම අවුල වෙන්නේ ඔබේ පරිගණකයේ තිබෙන පහසුකම් නැත්නම් resources, ඔවුන් භාවිත කරනවා ඔබේ දැනුමකින් තොරව. මේක නිකන්ම නිකම් කතාවක් නෙමෙයි. ජිවිත කාලය පුරාවටම ඔබේ දේවල් හොරෙන් ගන්න හොරෙක් ගැන කතාවක්.

Unauthorized cryptominers කියල කියන්නේ ඔබේ web browser එකේ energy sucking operation එක සිදුකරමින් run වෙන script එකක්. මුලින්ම කිවා වගේම මේක ඔබෙන් අවසර ලබාගෙන run වෙන දෙයක් නෙමෙයි. මේ script එකෙන් ඔබේ පරිගණකයට අදාල ශක්තිය භාවිත කරලා මුදල් ඉපයීම කරනවා. නමුත් Firefox අපිට හැකි වුණා cryptomining blocking එකතු කිරීම මඟින් අපේ සියලුම browsers වල tracking protection එක තවදුරටත් improve කරන්න.

සාමාන්‍යයෙන් cryptocurrencies generate කරන ක්‍රියාවලිය කරන්නේ miner කෙනෙක්. මේකෙදි miner විසින් complex cryptologic puzzle එකක් solve කරනවා.  මේකේ ප්‍රශ්නේ තමයි මේක කරන්න සෑහෙන computing energy එකක් වැයවෙන එක. හිතන්න මේ puzzle එකේ සංකීර්ණත්වය එන්න එන්න වැඩි වුනා කියලා, ටික දවසකින් මේ miner ලග තිබ්බ ඔක්කොම resources ඉවරයි. දැන් ඔහුට වෙනවා මුදල් වැයකරලා හෝ වැඩේ කරගන්න. මේක නිසා මේ cryptominersලා එකතු වෙලා, සාමාන්‍ය පුද්ගලයන්ගේ පරිගණකවල resources භාවිත කරන්න පටන් ගන්නවා. මේ වගේ අයට අපි cryptojackersල කියන නමත් භාවිත කරනවා.

unauthorized cryptominer කෙනෙක් ඔබේ පරිගණකයේ සම්පත් භාවිත කරනවානම්, මේක හොයාගන්න පුලුවන්ද? පලවෙනි දේ තමයි ඔබේ පරිගණකයේ battery එක ඉතාම වේගයෙන් බහින එක. ඒ වගේම laptop එකේ Fan එකේ speed එක එකවරම වැඩි වෙනවා. කෙනෙක් අහන්න පුළුවන් computer resources පාවිච්චි කරන කෙනෙක්ව අදුරගන්න fan එක පාවිච්චි වෙන්නේ කොහොමද කියල. හිතන්න ඔහු /ඇය resources භාවිත කරද්දී hardware වල heat generate speed එක වැඩි වෙන්න පුළුවන්. මේ නිසා fan speed එක දරුණු ලෙස වැඩි වෙන්න පුළුවන්.

මේ වගේ script එකක් web site එකකින් ලැබෙනවා කියන දේ සාමාන්‍ය දෙයක්. මේක පස්සේ කාලයකදී virus එකක් වගේ වුනත් පැතිරෙන්න පුළුවන්. මේ නිසා Mozilla මේ වෙද්දී Disconnect.me එක්ක partnership එකක් ගොඩනගාගෙන තිබෙනවා Firefox browsers සියල්ල සඳහාම මේ cryptomining scripts block කරලා දාන්න. ඔබට තිබෙන්නේ firefox browser එකේ preferences menu එකට ගිහින් එතනින් “Privacy & Security” වලට යන්න. මෙච්චර දේවල් කරන්න පුළුවන් script එකක් block කරන එක එක තප්පරයෙන් කරන්න පුළුවන්.

Blockchain වලින් අපි අපිට දැනුම අපේ යහපතට දේවල් ලබාගන්නවා වගේම ඒ සම්බන්ධ අඩුපාඩු වැරදි භාවිතයන් අවම කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. මේ නිසා මේ ලබාගන්න දැනුම අදම ඔබේ පරිගණකයට භාවිත කරන්න. සමහරවිට ඔබ මේ වෙද්දීත් crypto jacker කෙනෙක්ගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙන්න පුළුවන්.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.