Categories: Uncategorized

Firefox සමඟින් ඔබේ ප්‍රියතම දෑ සමඟ රැදී සිටින්න

Firefox ඔබගේ සම්පූර්ණ වෙබ් අත්දැකීම ලෙහෙසියෙන් ඔබට රිසි අයුරින් සකසා ගෙන ඔබ කැමති ලෙස පාලනයන් කිරීමට ඔබට අවකාශය ලබා දී ඇත. Firefox තුල අලංකාර සැලසුම් යොදාගෙන සැකසුම් මෙනුව භාවිතයෙන් එය ඔබගේ රුචි අරුචි කම් පදනම් කොටගෙන ඔබට සරිලන ලෙස සැකසිය හැකියි. සමාජ ජාල ඒකාබද්ධ කිරීමේ සේවාව මඟින්  හෝ ඇඩෝන (Add-on) මෙනු තුලට එක් කිරීමේ හා මෙනුවන් අතර හා තුල චලනය කිරීමේ හැකියාව මෙන්ම දහස් ගණන් වූ තේමාවන් (Themes) භාවිතයෙන් ඔබගේ ගවේශන අත්දැකීමන් පෙර නොවූ විරූ තරමින් සුන්දරව සිදු කරගැනීමේ හැකියාවත් ඔබට ලැබේ.

Firefox යනු Facebook, Delicious, Weibo වැනි සේවාවන් ප්‍රථමයෙන්ම ගවේශකයේ කොටසක් ලෙසින් එක් කරගැනීමේ හැකියාව ලබාදුන්නා. Firefox පැති තීරුව, සමාජ ජාල බෙදාහදා ගැනීම් වැනි විශේෂාංගයන් භාවිතා කිරීමෙන් ඔබ හට කුමන ආකාරයේ වෙබ් අඩවියක් මත හිඳ හෝ ඔබගේ පවුලේ අයවළුන් හා මිතුරන් හා සාමාජීයව එක් වීමේ හැකියාව ද ලබාදෙයි. එමෙන්ම සමාජීය බෙදාහදාගැනීම් පෙර නොවූ විරූ තරම් පහසු අන්දමින් ඔබට සිදුකල හැකියි.

Goal.com සමඟින් ඔබගේ පාපන්දු ලෝක කුසලාන අත්දැකීම Firefox ගවේෂකයටම ලබාගන්න.

Goal.com හා සම්බන්ධ වන පැති තීරුව Windows, Mac හා Linux සඳහා

අප ඔබට හදුන්වා දෙනවා Firefox සඳහා වූ Goal.com පැති තීරුව, එය විසින් ඔබට පාපන්දු ලෝක කුසලානය පිලිබඳව මිනිත්තුවෙන් මිනිත්තුවට නව තොරතුරු ගෙන එයි. බ්‍රසීලයේ සිට ඔබගේ Firefox ගවේශකය තුලට ගෙන එන එසැන පුවත්, විශේෂාංගයන් ඔබගේ ඇඟිලිතුඩු මතට ගෙන එයි.

තරඟයේ සෑම ස්ථානයකම රැදී සිටීමේ හැකියාව ඔබට මෙම පැති තීරුව මඟින් ලැබේ. යම් කණ්ඩායමක් ඔබගේ සිත් ගත්තේද? එය තෝරාගන්න. එවිට ඔවුන් සම්බන්ධ විශේෂ තොරතුරු ඉතා ඉක්මනින් ඔබට ලබාගත හැකියි. තරඟ පෙර දැක්මවල්, තරඟකරුවන් ගේ විස්තර වැනි තවත් බොහෝ දෑ එක ක්ලික් කිරීමකින් ඔබට මෙය හරහා ලබාගත හැකියි.

පැති තීරුව අනවශ්‍ය අවස්ථා වලදී එය සඟවා තැබීමටත්, ඉවත් කර දැමීමේ හැකියාවත් ඔබ සතු වන අතරම පාපන්දු ලෝක කුසලානය අවසන් වූ පසුවද එය ඔබගේ ගවේශකයේ තබාගැනීමෙන් පාපන්දු සම්බන්ධ වූ නවතම විස්තර ක්‍ෂණයෙන් ඔබට ලබාගත හැකියි.

ලොව පුරා වූ වාර්ථාකරුවන් 500කට අධික ප්‍රමාණයක් විසින් ගෙන එන වාර්ථා වලින් මෙවැනි විස්තරාත්මක පහසුකමක් මින් පෙර ලබාගැනීමේ හැකියාව තිබුනේ නැත. භාෂා කිහිපයකින්ම ඔබට ලබාගත හැකි අතර, Android මතට වූ Firefox ගවේශකයේද මෙය අන්තර්ගත කල හැකියි. ඉතා ඉක්මනින් Firefox OS මත ක්‍රියාත්මක වන සංස්කරණය Firefox Marketplace හී දක්නට ලැබෙනු ඇත.

 

වැඩිදුර විස්තර සඳහා:

 

This article was migrated over from our previous website manually. Please note that the publisher of this article isn’t the owner of this article. All credits should go to the original writer of this article.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.