Categories: Firefox

PASSWORD මතක නැද්ද ?

Firefox Lockwise,

තාක්ෂණය අතින් දියුණු ගෝලීකරණය වූ ලෝකයක ජීවත්වන අපට smartphone, internet නැතිවම බැරි දෙයක් වෙලා. සන්නිවේදනයට පමණක් සීමා නොවී ව්‍යාපාරික කටයුතු පවා අද සිදු කරන්නේ මේ internet හරහා. ඉතිං මේ විවිධ කාර්යය ඉටුකර ගැනීම සඳහා ඔයා විවිධ ගිණුම් භාවිතා කරනවා ඇති, ඉතින් ඔයා ඒ ඒ ගිණුම් වල username හා password මතක තියාගන්නේ කොහොමද? සමහරවිට ඔයා ඔයාගේ login username, password මතක තියාගන්න අමාරු නිසා web browser එකේ save කරලා ඇති. වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය මත එම login details වල ආරක්ෂාව පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද?

ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්නේ කොහොමද ඔයාට අමතක වෙන සහ ඔයාගේ login details ගොඩක් ආරක්ෂාකාරීව තියා ගන්නෙ කියලා. මේ කර්තව්‍යය ඉටු කර ගැනීම සඳහා Mozilla Firefox වෙතින් Android App එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමා Firefox lockwise App එක. මෙමගින් ඔයා යන ඕනෑම තැනක ඔයාගේ login details හොඳ ආරක්ෂාවක් යටතේ තියාගන්න පුළුවන්. Firefoxලා මුලින්ම මේ පහසුකම ලබා දීලා තිබුණේ iOS device වලට විශේෂයෙන්ම iPad device වලට. ඉතින් ඔවුන්ගේ මීලඟ පියවර තමයි Android පරිශීලකයන්ට මේ පහසුකම ලබාදීලා ඔවුන්ගේ තොරතුරු ආරක්ෂා කරලා වඩා ආරක්ෂාකාරී සහ විශ්වාසනීය සේවාවක් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලබා දීම. සාම්ප්‍රදායික password manager පහසුකම සමග සසඳනවිට Firefox Lockwise App එක ඔයාගේ Firefox web browser එකේ save කරලා තියෙන password ලේසියෙන් access කරන්න පුළුවන් simple app එකක්.

Login details අවශ්‍ය ඕනෑම වේලාවක…

හිතන්න ඔයා Amazon එකෙන් භාන්ඩයක් මිලදී ගන්න යනවා කියලා, අවාසනාවට ඔයාට ඔයාගේ Amazon account එකේ password එක මතක නෑ. මේ වගේ වෙලාවක බොහෝවිට ඔයා ඔයාගේ account එක reset කරන පිළියම සිදුකරයි. එහෙමත් නැතිනම් අනුමාන කරලා password කිහිපයක් පාවිච්චි කරලා බලයි. මේ නිසා ඔයාගේ account එක temporary block වෙන්නත් පුළුවන්. මෙම Firefox Lockwise හරහා ඔයාට ඔයාගේ ගිණුම් වලට login details save කරලා තියලා අවශ්‍ය ඕනෑම වේලාවක කිසිම ප්‍රශ්නයක් නැතිව නැවත ලබාගන්න පුළුවන්. Face ID සහ Fingerprint ID එක පාවිච්චි කරලා මෙම App එක unlock කරන්න පහසුකම ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ login details save වෙන්නේ, device අතර sync වෙන්නේ 256-bit encrypted file transfer service ඒකක් හරහා, ඉතිං ඔයාගේ තොරතුරුවල ආරක්ෂාව ඉහළ මට්ටමක තියෙනවා.

ඕනෑම device එකකට logins…

Firefox Lockwise  හි අනික් වාසිය තමයි account එකකට login වෙද්දි username සහ password fields auto fill වෙන පහසුකම ලබා දීම. එහිදී ඔයාගේ Firefox desktop browser එකේ save කරලා තියෙන login details ඔයාගේ Mobile Phone එකට transfer වෙනවා. ඉතින් මේ පහසුකම හරහා iOS, Android භේදයකින් තොරව ඔයාගේ logins සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි Firefox Lockwise තවත් ඵලදායි කර ගැනීම සඳහා Firefox desktop browser එකට වෙනම Lockwise extension එකකුත් හඳුන්වා දී තිබෙනවා.

ඔයත් Firefox lockwise download කරලා උත්සහ කරල බලන්න.

https://play.google.com/store/apps/details?id=mozilla.lockbox

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.