Categories: Firefox Internet Sinhala

Mozilla Firefox වලට මොනවද කරන්න පුළුවන්?

ටික කාලයකින් ලිපියක් පල කරන්න වුනේ නැහැ අධික වැඩත් එක්ක. මේ ලිපිය ලියන්න වස්තු බීජය වුනේ මගේ මිතුරෙක් සහ මම අතර ඇතිවුණු කතා බහක්. මේකෙදි ඔහු මගෙන් අහනවා දැන් Mozilla වලට මොනවද කරන්න පුළුවන් කියල. ඇත්තටම අපේ හුඟක් කට්ටිය දන්නා Mozilla කියන්නේ Firefox Browser එක හදන ආයතනය. මිට වඩා පොඩ්ඩක් දන්නා කෙනෙක් දැනගන්න පුළුවන් ලෝකයේ තිබෙන පහසුම Standalone Email එක. හුඟක් Open Source ප්‍රිය කරන කට්ටිය මේකට යොමු වෙලා තිබෙනවා. තව දන්නා ය දන්නවා ඇති Mozilla Sunbird ගැන. මේක Standalone Calendar එකක්. තව තියෙනවා Mozilla Bugzilla. Software හදන අය මේක භාවිතයෙන් තමන්ගේ application එකේ තියෙන bugs detect කරගන්නවා.
මම දැන් මේ එක දිගට කියාගෙන ආපු දේවල් ඇත්තටම වසර ගණනක ඉදන් අපි අතරේ තිබුන දේවල්. නමුත් කියන්න වටිනා විදිහේ අලුත් කරුණු ටිකක් තියෙනවා.

  • Firefox Monitor

Monitor කියන්නේ යම් විදිහක පාලනය කිරීමක්.  මේකෙදි වෙන්නේ වෙන කෙනෙක් විසින් පාලනය වීමකටත් වැඩිය තමන් භාවිත කරන්න ඕනේ වෙබ් අඩවි මොනවද සහ නැත්තේ මොනවද කියල තමන්ටම හිතන්න අවස්ථාව උදා කරනවා. මේ සේවාව ලබාගන්න හරිම පහසුයි. ඔබට තිබෙන්නේ https://monitor.firefox.com/ වෙබ් අඩවියට පිවිසෙන්න විතරයි.  මේකෙදි ඔබට ඔබේ email එක ලබාදීම තුලින් බලාගන්න පුළුවන්, ඔබේ තොරතුරු කොපමණ දුරකට breach වෙලා තිබෙනවද කියන දේ. මමත් මේ වෙබ් අඩවිය ගැන දැනගත්ත මුල්ම කාලයේදී එතරම් පිළිගත්තේ නැහැ, Mozilla Foundation එකට පුලුවන්ද අපේ දත්ත ගන්න කියල හිතලා. නමුත් ඔවුන් මට ලබාදුන්නා web sites මම බලාපොරොත්තු වුන වෙබ් අඩවි නෙමෙයි.  ඒ කියන්නේ සතුරා ඉඳල තිබෙන්නේ අපි බොහොම customer friendly, professional කියල හිතාගෙන හිටපු වෙබ් අඩවි තුලමයි. මේකේ විශේෂත්වය වෙන්නේ ඔබට පුළුවන් දකින්න කවද්ද මුලින්ම data breach වුනේ, මොනාද breach වෙලා තිබෙන්නේ කියලා.

මේ වගේ breach එකක් වුනාට පස්සේ මුහුණ දෙන්න වෙන ගැටළු වලට විසඳුම් පවා මෙහි දක්වලා තිබෙන්නේ. මම වෙනමම ලිපියක් අරන් එන්නම් Monitor ගැන.

  • Firefox Lockwise

ඔබට පේනවද මගේ data breach එකේදී මගේ Passwords compromised වෙලා තියෙනවා. කෙනෙක් සතුව තිබෙන දත්ත වලින් වැදගත්ම එකෙක් විදිහට මේ Passwords දක්වන්න පුළුවන්. මේ වගේ දෙයක් compromise වුණා කියන්නේ ඔබේ රහස් සියල්ලම අන්තර්ජාලයේ සැරිසරන්නට පටන් ගනීවි. මේකට ඔබට මම විසඳුමක් දෙන්නම්. Chrome Password Manager කියන්නේ ඔබේ Password වෙන කෙනෙක්ට access කරන එක නවත්වන්න හදපු දෙයක් කියල නම් හිතන්න එපා. එයා කරන්නේ වෙබ් අඩවිය එක්ක ඔබේ password match කරන එක විතරයි. https://lockwise.firefox.com/ වෙබ් අඩවියෙන් ඔබට විස්තර ලබාගන්න පුළුවන්. ඔබට මේකට අදාල Mobile application එක ගන්න පුළුවන් මේ ලින්කුවෙන් App store සහ මේ ලින්කුවෙන් Google Play Store සඳහා.

තව විස්තර අරන් එන්නම් තව විස්තර එක්ක. තව තියෙනවා Pocket, Firefox Send වගේ අමුතු අමුතු software කිහිපයක්ම. මේවගේ ගන්න පුළුවන් වැඩ, එක එක විදිහේ ඒවා. කට්ටිය දන්නා විස්තර කියන්න අපි බෙදා හදාගෙන කතා කරමු ඉස්සරහට.

නැවත හමුවෙනකම් …

මුලාශ්‍රය : https://blog.mozilla.org/firefox/join-firefox/

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.