Categories: Internet Mozillians

Mozilla සමග Speech Recognition.

අදත් අපි කතාකරන්නේ හුගක් රසවත් මතෘකාවක්  ඒ තමයි voice  එහෙම නැත්තම් Speech Recognition.අද වන විට හුගක්  තාක්‍ෂණික  උපකරණ වල  amazon Echo, Google Home, Apple Home pad වගේ භාවිත කරනව. Speech Recognition සේවාව ලගදීම අපේ open source ලොවට ඇතුල්වෙන්න නියමිතයි.Mozilla Machine Learning පර්යේෂණ  කණ්ඩායම මේ වන විට තමාගේ ප්‍රථම වියාපෘතිය ලෙස ආරම්භ කරලා තියෙනේ speech recognition and voice synthesis සමබන්දව.Mozilla කණ්ඩායමේ ප්‍රදාන අරමුණ වෙලා තියෙන්නේ මෙම තාක්ෂනය open source අවකාශයට මුදාහැරිම පමණයි.

මේ සදහා  පර්යේෂණ කණ්ඩායම  භාවිතා  කරන්නේ  අද පවතින  දියුණුම තාක්ෂනය  වන Machine Learning.  ඉතින්  මේ  ව්‍යාපෘතිය සදහා  දායක වෙන්න ඔබටත් පුළුවන්  එනම්  මේ  සදහා අවශ්‍ය දත්ත පද්දතියට ඔබගේ කට හඩත් ඇතුල්  කරන්න පුළුවන්. මෙන්න මේ සදහා තමයි  common voice කියන ව්‍යපෘතිය  ආරම්භ වෙලා තියෙන්නේ.

මේ voice training algorithm එක නිකුත් වුනාට පස්සේ ලෝකේ ඕනම් devoloper කෙනෙක්ට මේ ALGORITHM එක භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම  මෙම  online stt (speech to text)පද්දතියේ  තිබෙන දුර්වලතා මගහැරලා  ඒ වගේම ආරක්ෂාව වැඩිකරලා අලුතින්ම නිකුත් වන  අලුත්ම offline pipsqueak engine එක ඉතා කුඩා MICRO CONTROLLER උපකරණයකට වුනත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

අද වෙනකොට මේ speech recognition  තාක්‍ෂණය පවතින්නේ විශල සමාගම් අතරේ පමණයි. නමුත් මෙම ව්‍යපෘතිය මගින් එම එකාදිකාරිය බිදහෙලලා සියලුම  දෙනාට  මෙම තාක්ෂනය ලබදීම සිදුකරනවා. මේ සදහා deep learning භාවිත කරනවා වගේම මෙම වියාපෘතිය ඊලග පියවර වන speech recognition ,web pages  සදහා භාවිත කිරීමයි. ඉදිරියේදී  ඔබටත් මේ අත්දැකීමට එකතු වීමේ හැකියාව පවතිනවා.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.