Categories: Firefox Sinhala

අවදානමට පෙර සුදානම.”FIREFOX MONITOR”

අන්තර්ජාලය අද වනවිට විවිධ කටයුතු සදහා භාවිත කරයි.social media, online banking, e-learning වැනි සේවාවන් අද වනවිට ඉතා ජනප්‍රියත්වට පත්ව ඇත.එයට ප්‍රදානම හෙතුව වන්නේ නිවසේ සිටම අන්තරජාලය ඔස්සේ ඉතා පහසුවෙන් තමගේ කටයුතු සිදුකර ගත හැකිවීමයි.

ඉහත සදහන් සියලු සේවාවන් වලදී අප හට අපගේ තොරතුරු එම සේවාවන් සදහා ලබාදීම් සිදුකල යුතුය. සමහර අවස්ථා වලදී financial information ලබාදීමට සිදුවේ.වර්තමානයේ සයිබර් අවකාශයේ සිදුවන දියුණුවත් සමගම  ඒ හා සමබන්ද අපරාධ වලද සැලකිය යුතු වරධනයක් සිදුවෙමින් පවතී.එසේම කොතරම් ඔබගේ තොරතුරැ  අරක්ෂා කිරීමට තාක්ෂනික ක්‍රියාවලියක්(cryptography) භාවිත කලද ඔබගේ තොරතුරු 100% ආරක්ෂිතද යන්න තවමත් ගැටලුවකි.

Firefox monitor මගින් ඔබට ඔබගෙ තොරතුරැ එසේත් නැතිනම් ඔබ භාවිත කරන user accounts අනවසර පුද්ගලයකුගේ පහර දීමකට ලක්ව අත්දැයි ඉතා පහසුවෙන් පරික්ෂා කරගත හැක.ඔබට සිදුකිරීමට ඇත්තේ ඔබගේ Gmail ලිපිනය යොදාගැනීම පමණකි.එවිට එම ලිපිනය හා සම්බන්ද සියලු user accounts වල අරක්ෂිත තත්වය පිළිබද වාර්තාවක් ඔබට ලැබෙනු ඇත.

මෙම සේවාව තවත් පරීක්ෂණ තත්වයේ පවතින අතර නුදුරු කාලයේදී ඔබගේ භාවිතයට ලැබෙනු ඇත. වඩාත් වැදගත් කරුණ වන්නේ Firefox monitor මගින් ඔබගේ තොරතුරැ අවභාවිත නොකිරීමයි.එලෙසම කිසිව්ටක ඔබගේ තොරතුරැ  තුන්වන පාර්ශවයකට ලබදීමක් සිදු නොකරන අතර අන්තරජාලය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව  වර්ධනය කිරීම අපගේ එකම අරමුනයි.

 

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.