Categories: Firefox Internet Sinhala

Android Users ලට Firefox මගින් හදුන්වා දෙන “Notes”!

පහුගිය article එකෙන් අපි කතා කලා test pilot program එකෙන් mobile යෙදුම වෙනුවෙන් සිදු කරපු අලුත්ම experiment එකක් වුනු Lockbox ගැන.ඇත්තට එය සකසා තිබුනේ iOS users ලට.අද අපි කතා කරන්නේ android users ලා වෙනුවෙන් Firefox කරපු test pilot experiment එකක් ගැන.ඒ තමයි “Notes”.

මොකක්ද මේ android වලට හදුන්වා දෙන Notes!

කොහේ කොතැනක ගියත් අපි ලග නිතරම තිබිය යුතුයි කියලා දැනෙන තොරතුරු දත්ත වගේ දේවල් අපි හැමෝටම තියෙනවා.එහෙම දේවල් අපි ලග note එකක් විදියට තියාගන්න අපි පෙළඹිලා ඉන්නේ.ඉතින් මේ notes කියන දේවල් office එකේදී  නිවසේදී සහ ඒ වගේම travel කරන ගමනුත් අපිට සටහන් කරගන්න අවශ්‍ය වෙනවා.ඉතින් අන්න ඒ නිසාම නිතර user ගේ පහසුව ගැනම සිතන Firefox වෙතින් ඔබ කොතැනක ගියත් ඔබේ Firefox account එක හරහා ඔබේ desktop එක තුලින් හෝ  mobile එක තුලින් ඉතා පහසුවෙන් ඔබේ notes ලබා ගන්නත් ඒවා store කර තබා ගැනීමටත් “Notes” extension එක හරහා දැන් හැකියාව තියෙනවා.

මොකක්ද මෙහි තියෙන විශේෂත්වය!

ඇත්තටම මෙහි තියෙන විශේෂත්වය තමයි මෙය තුලින් Firefox users ලට ලබා දී තිබෙන sync කිරීමේ හැකියාව.ඉතින් මේ නිසා ඔබ ඔබේ Firefox account එක භාවිත කර දමන ඕනෑම note එකකට mobile එකෙන් tab එකෙන් පවා access කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි notes කියන්නේ ඔබේ files වලට end-to-end encryption ආරක්ෂාවක් ලබා දී තිබෙන දෙයක්.අන්න ඒ නිසා ඔබේ files කියවීමට හැකියාව තියෙන්නේ ඔබටම පමණයි.

“Notes” සමගින් වැඩ පටන් ගන්නේ කොහොමද!

අපි කලිනුත් කතා කල වගේ Test Pilot program එක ඕනෑම Firefox user කෙනෙකුට භාවිත කල හැකි පරිදි සකස් කර ඇති අතර එය users ලාගෙන් feedback ගෙන ඒ මත ඉතා ඵලදායි සේවයක් සැපයීම උදෙසා තමයි සකසා තිබෙන්නේ.ඉතින් මෙම  notes extension එක ලබා ගැනීමට නම් ඔබ සතුව Firefox account එකක් සහ සම්පුර්ණ ක්‍රියාකාරිත්වය සදහා Firefox Sync පැවතීම අත්‍යවශ්‍ය වෙනවා.මේ දේවල් ඔබ සතුව තියෙනවනම් ඔබට පුළුවන් Notes by Firefox  extension  එක ලබා ගන්න.

Test Pilot program projects හරිම experimental.ඉතින් ඔබටත් පුලුවන් මේකේ අඩුපාඩු තව මේකට එකතු විය යුතු දේවල් වගේ feedback ලබා දීලා වඩා  ප්‍රයෝජනවත් විදියට මේ දේවල් සකසා ගන්න දායක වෙන්න.

ඉතින් “notes by Firefox” article එක මේ විදියට අවසන් වෙද්දී මෙයට එකතු විය යුතු දෙයක් හෝ මේ ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍යනම් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා.

අපි අයෙමත් ඉක්මනින්ම හමුවෙමු තවත් අලුත් දෙයක් සමගින්!

 

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.