Categories: Internet Sinhala

බ්‍රවුසරෙන් අපිට කියන්න හදන දේවල් කිහිපයක් | HTTP Errors

හරියට වැඩ කරන්නේ නැති වෙබ් අඩවියක් තරම් මේ ලෝකෙ එපා කරපු දෙයක් නැති තරම්.  ඔව්. සමහරවිට නිවාඩු දවසක ඔෆිස් යන්න වෙන එක එහෙමත් නැත්නම් කැම්පස් එකේ දෙන assignment එකක් ඊට වඩා ටිකක් විතර නරක දෙයක් වෙන්න පුළුවන්. සයිට් එක වැඩ කරේ නැති උනාට කමක් නෑ කියමුකො ඒ වෙලාවට එන error messages නෙ තේරුම් ගන්න බැරි කියල ඔයාටත් එක පාරක් හරි හිතිල ඇති. ඔන්න ඒ නිසා අද මම කියල දෙන්න යන්නේ ගොඩක් වෙලාවට එන HTTP error messages කිහිපයක් ගැන.

මොකක්ද මේ HTTP error message එකක් කියන්නෙ?

අපිට වෙබ් සයිට් එකකට යන්න නම් එක්කෝ address bar එකේ URL එක ඇතුලත් කරන්න ඕනෙ නැත්නම් link එකක් ක්ලික් කරන්න ඕනෙ නේ. මෙන්න මේ වෙලාවේදී අපේ බ්‍රව්සර් එකෙන් අන්තර්ජාලය පීරලා පීරලා අපි ඉල්ලපු වෙබ් සයිට් එක තියෙන සර්වර් එක කොහොමහරි හොයාගෙන සර්වර් එකෙන් සයිට් එක ඉල්ලගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ විදිහට සයිට් එක හරියට ඉල්ලගෙන පෙන්නන බැරි වුනාම තමයි බ්‍රවුසර් එකෙන් අපිට HTTP error message එකක් පෙන්නන්නේ.

ගොඩක් වෙලාවට මේ error message එකක් එක්ක පොඩි විස්තරයක් පෙන්නනවා. එත් ඒ විස්තරේ සාමාන්‍ය පරිශිලකයෙක්ට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි බලමු මොනවද මේ බ්‍රවුසරේ අපිට කියන්න හදන්නේ කියලා.

HTTP error 500 (internal server error)
මේ කියන්නේ සර්වර් එකේ ප්‍රශ්නයක් ගැන. එක්කෝ සර්වර් එකේ සැකසුම් වල ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක්ගෙන් එකම වෙලාවේ සර්වර් එකට ඉල්ලීම් රාශියක් එන නිසා ඇතිවුණු ප්‍රශ්නයක්. සරලවම කියනවා නම් සයිට් එක තියෙන සර්වර් එකේ අවුලක්.

HTTP error 404 (not found)
මේ පණිවිඩය එන්නේ අපිට ඕනේ වෙබ් පිටුව හොයාගන්න බැරි වුනාම. ඇත්තටම කිව්වොත් එහෙම වෙබ් පිටුවක් නෑ.

HTTP error 403 (forbidden)
බ්‍රවුසරේ මේ අපිට කියන්නේ අපි යන්න හදන වෙබ් පිටුව World Wide Web (WWW) එකෙන් පිටත තියෙන, අපිට යන්න අවසර නැති තැනක් කියලා. මේක ගොඩක් වෙලාවට database එකක්, back-end code එකක් හෝ සර්වර් එකේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය යමක් වෙන්න පුලුවන්.

HTTP error 400 (bad request)
මේ error message එකෙන් කියන්නේ අපි වැරදි වෙබ් ලිපිනයක් ඇතුලත් කරන කියල හෝ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් කියලා.

HTTP error 401 (unauthorized)
මේක අපි කලින් කතා කරපු HTTP error 403 එකට ගොඩක් දුරට සමානයි. එත් මේ පණිවිඩය ගොඩක් වෙලවට එන්නේ අපි සයිට් එකකට log වෙන්න හදනකොට ප්‍රශ්නයක් වුනාම.

 

මේ සම්බන්ධයෙන් දමිළ බසින් ලියවුනු ලිපිය මෙතනින්

One comment on “බ්‍රවුසරෙන් අපිට කියන්න හදන දේවල් කිහිපයක් | HTTP Errors”

Post a comment

  1. DARAGALA DHAMMARATHANA HIMI wrote on

    හුගක් වටීනව මේ හැදින්වීම..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.