Categories: Internet Sinhala

Mozilla Hubs,..VR සමගින් ඉදිරියට

වර්තමානයේ වන විට VR එහෙම නැතහොත්  Virtual Reality තාක්ෂනය  හුගක් ජනප්‍රීය වෙලා පවතිනවා.VR තාක්ෂනය  මගින් සිදුකරන්නේ කෘතීම ලෝකයකට ඔබව රැගෙන යාම.මෙහෙදී නවතම තාක්ෂනය  වන  මෘදුකංග හා දෘඩුකාංග  භාවිත  කරලා ඔබව වෙනම ලෝකයකට රැගෙන යාම සිදුකරනවා එසේම ඔබගේ ඇස හා කන භාවිතා කරලා ඔබට හැගෙන්න සලසනවා ඔබ ත්‍රිමාණ ලෝකයක ජිවත් වන බව…

ඉතින් මොකද්ද මේ  VR හා Mozilla Hubs  අතර සම්බන්දය…..? Mozilla Hubs කියන්නේ VR තාක්ෂනය යොදාගෙන නිර්මාණයකරපු chat room එකක්….ඔයාලටත් පුළුවන් VR තාක්ෂනය භාවිත කරලා GROUP chat එකක් වුනත් Mozilla Hub එක  භාවිත කරලා සිදුකරන්න.ඒ වගේම VR උපාංගයක් නොමැතිව වුනත් ඔයාලට මේකට සමබන්ද වෙන්න පුළුවන්…2018 වසරේ  මැද නිකුත් වුනු මෙම සේවාව මේ වන විට බොහෝ  ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා.

ඔයාලට මේ  HUB  එක ඇතුලේ ගීත වලට සවන්දීම  Video නැරබීම ඒ වගේම  Presentation එකක් වුනත්  VR තාක්ෂනය භාවිතයෙන් ඉදිරිපත්  කරන්න පුළුවන්….ඔයාලගේ පරිගණකයේ තියන pdf  files වුනත් මේ HUB එකට ඇතුල් කරන්න පුළුවන් ඒ වගේම   ඕනෑම ස්මාර්ට් ජoගම දුරකතනයකින් වුනත්  HUB එකට සම්බන්ද වෙන්න පුළුවන්….Mozilla Hub අධ්යාපනය,ව්‍යාපාරික කටයුතු වගේම විනෝදාස්වාදය  වැනි සියලු කටයුතු සදහා භාවිත කිරිමේ හැකියාව පවතිනවා.

Mozilla ආයතනය හැමවෙලේවම වගේ HUB එක තුළදීත් ඔබගේ  මෙන්ම  ඔබගේ දත්ත වලත ආරක්ෂාව  සහතික කරන්න බැදිලා ඉන්නවා ඒ වගේම ඒ සදහා ඇති නවීන තාක්ෂනය භවිත කරනවා.ඉතින් ඔබට කරන්න තියෙන්නේ දැන්ම Mozilla HUB එකට එකතු වෙලා නවතම සුපිරි අත්දැකිමට එකතු වීම පමණයි.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.