Categories: RUSL Sinhala

Coding Challenge 2018! ඔබ සුදානම්ද?

Mozilla Campus Clubs මගින් ප්‍රථම වතාවට ඔබ වෙත තිලිණ කරන Coding Challenge එක ගැනයි අද අපි කියන්න යන්නේ!ඇත්තටම මේ coding challenge එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඔබේ coding skills වැඩිදියුණු කරනවා වගේම ඔබේ සහයෝගය opensource projects වෙනුවෙන් ලබා ගන්න එක.ඉතින් මේ හරහා ඔබට දිනා ගත හැකි තෑගි බෝග, ඒවගේම තරගාවලියේ ස්වභාවය, පැවැත්වෙන කාලවකවානු ගැන දැන් ඔබට සෑහෙන්න කුතුහලයක් ඇති.

ඔව් අපි ඒ හැමදෙයක් ගැනම එකින් එක බලමු.

මොනවාද මේ තුලින් ඔබට ලැබෙන තෑගිබෝග!

ගුණාත්මක මට්ටමින් වඩා හොඳ, සැලකියයුතු මට්ටමක contribution එකක් ලබා දෙන top 5 students ලා වෙනුවෙන් මෙන්න මේ තෑගි ටික Mozilla Campus Clubs මගින් දිනා ගන්න හැකියාව ලැබෙනවා.

  • Swag Pack එකක්.
  • Mozilla Engineers ලා සමග ඉතා වැදගත් ව්‍යාපෘති හා සම්බන්ධ වීමට අවස්ථාවක්
  • වටිනා සහතික පත්‍රයක්
  • LinkedIn හෝ ඔබ කැමති platform එකක් තුල ඔබේ වටිනාකම පිළිබද ඉතා සුවිශේෂී recommendation එකක්.

තරඟාවලියේ ස්වභාවය

  • ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉතාමත් උද්යෝගී, ඒවගේම HTML , CSS ,Javascript සහ Object Oriented Programming සම්බන්ධයෙන් මනා හැකියාවෙන් යුත් ඕනෑම කෙනෙකුට මේ තරඟය හා සම්බන්ධ වෙන්නට පුළුවන්.
  • තරඟාවලිය තුලදී ඔබ contribute කරන project එක භාර project maintainer සහ ඔබේ campus club program manager විසින් ඔබේ contribution එක සමබන්ධයෙන් පහත කරුණු යටතේ නිරික්ෂණයක යෙදෙනවා.
    • Code එකේ Quality එක.(clear syntax එකක්,comments වගේ දේවල් )
    • ඔබේ code එක හරහා මේ වනවිටත් පවතින bug එකක් solve වෙනවද යන වග.
    • ඔබ යොදාගත් code එක නිසා ඉදිරි implementation වලට ඇතිවෙන බලපෑම.
    • කෙතරම් දුරට ඔබ විසින් ගැටළුව විසදා ඇත්ද යන වග.

තරඟාවලියේ කාලවකවානු

  • September 28ට පෙර ඔබ තරඟාවලිය සදහා register වීම අනිවාර්යයි.
    ඉන්පසුව මෙම ලින්ක් එක හරහා අපගේ GitHub Organization එක සමග join විය යුතු වෙනවා.
  • තරඟාවලියට සහභාගී වෙන්නට කැමති නමුත් GitHub ගැන ලොකු දැනුමක් නැත්නම් පහත link1 සහ link2 භාවිතා කරලා ඔයාට පුළුවන් ඒ ගැන දැනගන්න.
  • September 28 registration අවසන් වෙනවත් එක්කම 1st task එක ගැන සටහන් වුනු email එකක් ඔයාට ලැබෙයි. සතියක් ඇතුලත ඔයා ඒ task එක සම්පුර්ණ කරන්න ඕනා.
  • October 5 වෙන කොට 1st task එක සාර්ථකව සම්පුර්ණ කරපු හැමෝටම වැඩි දුර විස්තරත් සමග final assignment එක ලැබේවි
  • October 15 වෙනකොට challenge එක අවසාන වෙනවා.එත් සමගම ඔබේ code එක review කරන process එක ආරම්භ වෙනවා.
  • October 30 1pm UTC වෙන කොට ප්‍රතිඵල ඔබට දැන ගන්න පුළුවන්.

තරගාවලිය පිලිබඳ මුලිකම දත්ත ඔය විදිහට පෙළ ගැහෙද්දි තවත් ඔබට මතු විය හැකි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු මම මේ විදිහට සටහන් කරන්නම්

Campus Club එකේ captain විදිහට මට මේ තරගයට සහභාගි වෙන්න පුලුවන්ද?

ඔව් අනිවාර්යෙන්ම ඔබට පුළුවන් ඔබේ club එකේ අනිත් අයවත් උනන්දු කරන ගමන්ම ඔබටත් මෙයට සහභාගි වීමේ හැකියාව තියෙනවා නමුත් මෙයට register වීම සියලු දෙනාම කල යුතුයි

මට Mozilla campus club එකත් එක්ක සම්බන්ධයක් නැහැ. මට පුලුවන්ද මේ challenge එකට සහභාගි වෙන්න?

ඔව් මේ තරගය ලෝකයේ සිටින සෑම University students කෙනෙක්ටම open.

මීට අමතරව තරගාවලිය සම්බන්ධයෙන් වෙනත් යමක් ඔබට දැනගන්න තියෙනවනම් ඔබට පුළුවන් Mozilla Campus Club Contact කරන්න.එහෙම නැතිනම් ඔබට තියෙන ප්‍රශ්නය මේ පොස්ට් එක යටින් comment කරන්න.අපි සුදානම් ඔබට උදව් කරන්න.එහෙනම් සුබ පතනවා හැමෝටම Mozilla campus Clubs Coding Challenge 2K18 සඳහා!

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.