Categories: Mozillians

කලාව සහ කෘතීම බුද්ධි ගවේෂණය වෙනුවෙන් Mozilla වෙතින් $225,000ක්

කෘතීම බුද්ධිය මගින් සමාජයට ඇති වන බලපෑම පිලිබඳ පරීක්ෂා කරන පුද්ලයින් සහ ව්‍යාපෘති සඳහා Mozilla වෙතින් ඇගයීම්

 

අන්තර්ජාලය යහපත් ස්ථානයක් බවට පත්කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Mozilla සමාගම විසින් මෙවරත් නවතම ආකාරයේ ඇගයීම් අවස්තාවක් සංවිධානය කර තිබෙනවා. අයහපත් අන්තර්ජාලය මිනිසාගේ එදිනෙදා ජීවිතයට බලාපාන ආකාරය සහ එහි අනාගතය පිලිබඳ සාර්ථකව මිනිසුන් දැනුවත් කිරීම සිදුකරන පුද්ගලයන් සහ ආයතන සඳහා $225,000 ක පරිත්‍යාගයක් සිදු කිරීමටයි අප විසින් තීරණය කර තිබෙන්නේ.

මේ සඳහා අයදුම් කිරීමට.

විශේෂයෙන්ම කෘතීම බුද්ධිය සහ යාන්ත්‍ර ඉගැනුම් ක්ෂේත්‍රයේ ගවේෂණ ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මෙම ත්‍යාගය පිරිනැමෙනවා. ජාතිවාදය, ව්‍යාජ තොරතුරු වැනි දෑ ඉතා සීග්‍රයෙන් පැතිරෙන, මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන දෑ දහස් ගණනින් සිදුවන, දත්ත සහ තොරතුරු අනවසරෙන් භාවිතා කිරීම් රැසක් සිදුවන යුගයක, අන්තර්ජාලය පිලිබඳව සාමාන්‍ය මිනිසුන් දැනුවත් කර තිබීම ඉතා වැදගත් කාර්යයකි.

මෙම ඇගයීම් NetGain Partnership හි තවත් එක් කොටසක් ලෙස සිදු කරන අතර, මේ වෙනුවෙන් Mozilla සමාගම සඳහා දායකත්වය ලබාදෙන්නේ Ford Foundation, Knight Foundation, MacArthur Foundation සහ Open Society Foundation හි සහයෝගයෙනි.

අපි ඔබෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ?

 

පුළුල් පරාසයක මිනිසුන් දැනුවත් කිරීම සඳහා යොදාගත හැකි වීඩියෝ, පරිගණක ක්‍රීඩා සිට browser extension දක්වා ඕනෑම ආකාරයක ව්‍යාපෘතීන් ඔබට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

සංකල්පමය (conceptual) සහ මූලාකෘති (prototype) මට්ටමේ ඇති ඕනෑම ව්‍යාපෘතියක් අප සලකා බලනවා. ඔබගේ මෙම ව්‍යාපෘති අන්තර්ජාලය හරහා නොමිලයේ භාවිතා කල හැකි විය යුතු අතර, අන්තර්ජාලය පිලිබඳ විශේෂ දැනුමක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ටද සුදුසු විය යුතුයි. එමෙන්ම එම ව්‍යාපෘතීන් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ද ගරු කළ යුතුයි.

මීට පෙරද Mozilla විසින් මෙවැනි නිර්මාණාත්මක ව්‍යාපෘතීන් සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. ඉන් කිහිපයක් නම්,

  • Data Selfie – Facebook තුලදී පරිශීලක දත්ත භාවිතාවන ආකාරය නිරීනය කර පෙන්වීමට නිර්මාණය කල විවෘත කේතන Browser add-on එකකි.
  • Chupadados – කාන්තාවන් සඳහා නිර්මාණය වූ අන්තර්ජාල ද්වාරයකි.
  • Paperstorm
  • Codemoji – සාමාන්‍ය පණිවිඩ, emoji සමග encode කරමින් encryption පිලිබඳ උගන්වන මෙවලමකි.
  • *Privacy Not Included – නවීන උපකරණවල ආරක්ෂණ උපක්‍රමයන් පිලිබඳ මිනිසුන් දැනුවත් කරන ව්‍යාපෘතියකි.

අයදුම්පත් සඳහා විස්තර

 

සහභාගී වන එක් කණ්ඩායමක්/ පුද්ගලයෙක් සඳහා $50,000 බැගින් මුළු මුදල වූ $225,000 බෙදී යනවා. Mozilla කාර්යමණ්ඩලයේ අවසාන තීරණය පරිදී එක මුදල් ප්‍රමාන මෙසේයි.

  • $50,000 බැගින් වූ ත්‍යාග දෙකක් (මුදලින් $47,500ක් සහ $2,500 වටිනා MozFest සංචාරක දීමනාවක්)
  • $25,000 බැගින් වූ ත්‍යාග පහක් (මුදලින් $22,500ක් සහ $2,500 වටිනා MozFest සංචාරක දීමනාවක්)

සියලුම අයදුම්පත් Mozilla හි මූලික සමාලෝචනයකින් අනතුරුව සැලකිල්ලට ගැනෙන අතර, Mozilla හි අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සහ බලධාරීන් විසින් ඇගයීම් කටයුතු සිදුකරනු ලබයි. මූලික සමාලෝචනයේදී අයදුම්කරුවන්ගේ පසුබිම, අතීත කටයුතු සහ විවිධත්වයද සැලකිල්ලට ගනී.

2018 අගෝස්තු මස 1 වන දින දක්වා අයදුම්පත් භාරගැනෙන අතර, 2018 සැප්තැම්බර් මස 15 වන දින ජයග්‍රහාකයන් තොරාගනු ලැබේ. එම ජයග්‍රාහකයන් පිලිබඳ ප්‍රකාශ කිරීම 2018 ඔක්තෝබර් මස 26-28 දිනවල පැවැත්වෙන MozFest තුලදී සිදු කිරීමට අපේක්ෂා කරගෙන සිටී.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.