Categories: Internet Sinhala SUSL

Google හි Ad API, Facebook හි API පරදවා ඉදිරියට..

 

පි මුලින්ම බලමු මොකක්ද මේ Google Ad API කියන්නේ කියලා.Google Ad API කියන්නේ Google දැන්වීම් සඳහා ඔවුන් භාවිතා කරන නවීන ක්‍රමලේඛ අතුරුමුහුණත (programmatic interface) සහ AdWords API හි ඊළඟ පරම්පරාව කියලා හදුන්වන්න පුළුවන්. Facebook Ad API කියන්නෙත් Facebook සමාගම විසින් පෙර සදහන් කල පරිදි හදුන්වාදුන් API එකකි.

හරි, අපි දැන් අපේ මාතෘකාවට යමු. අපි දන්නවා දේශපාලන මැතිවරණයකදී  වෙළද දැන්වීම් කියන්නේ ඉතාමත් වැදගත් කාරණාවක්. එමනිසා ලොව දියුණු රටවල් මේ සදහා Online Advertisement ඉතා බහුලව යොදා ගන්නවා. මෙහිදී ඔවුන් තමන්ගේ වෙළද දැන්වීම් සදහා Google users ලව  ඉලක්ක කරනවද? නැතිනම් Facebook users ලව  ඉලක්ක කරනවද? යන්න ඉතා තීරණාත්මක සාධකයක් වෙනවා. ඉතිං, යුරෝපයේ 2019 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර Google සමාගම විසින් වඩාත් විනිවිධ භාවයකින් යුත් Ad tool එකක් නිකුත්කලා.

මේ අතර පසුගිය මාර්තු මස Mozilla සමාගම සමග 60 කට අධික පර්යේෂකයන් කණ්ඩායමක් එක්ව මේ සම්බන්දව Ad APIs විසින් සපුරාලිය යුතු මූලික කරුණු 5ක් නිකුත් කලා. Google සමාගමට මෙයින් කරුණු 4/5 සපුරාලිය හැකි වුවද Facebook සමාගමට හැකි වුයේ 2/5 පමණි.

 

හොදයි අපි දැන් බලමු, මොනවද මේ කරුණු කියලා (පහලින් සාර්ථක වු සමාගම).

  1. විවෘත APIs තුළ පුළුල් දේශපාලන ප්‍රචාරණ අන්තර්ගතයක් (political advertising content එකක්) තිබිය යුතුය.
    • Google
  1. විවෘත APIs මඟින් වෙළඳ දැන්වීමේ අන්තර්ගතය සහ ඉලක්කගත නිර්ණායක පිළිබඳ තොරතුරු පැහැදිලිව සැපයිය යුතුය.
  1. විවෘත APIs යාවත්කාලීන (up-to-date) විය යුතු අතර historical data, access කලහැකි විය යුතුය.
    • Google
    • Facebook
  1. විවෘත APIs accessible විය යුතු අතර පොදු ජනතාව අතර ප්‍රචාරණය කළහැකි විය යුතුය.
  • Google
  • Facebook
  1. විවෘත APIs බල ගැන්විය යුත්තේ සීමාව (Limit) නොව පර්යේෂණ හා විශ්ලේෂණයන් ය.
  • Google

ඉතිං ඉදිරියේදී අපි බලා ඉඳිමු, Google සහ Facebook යන සමාගම්  කෙසේ මෙම ගැටළු වලට මුහුණ   දේවිද හා  වැඩිදියුණු කිරීම්ට කෙලෙස් ඉක්මන් පියවර ගනීවිද කියා…


Article by:  Sachith Mayantha Fernando

3 comments on “Google හි Ad API, Facebook හි API පරදවා ඉදිරියට..”

Post a comment

  1. Chrishani Imalsha wrote on

    Good job

    Reply

  2. Yohan Malshika wrote on

    Interesting One and Good work Mayantha!

    Reply

  3. Madhushi Jayasinghe wrote on

    👍👍👍

    Reply

Leave a Reply to Yohan Malshika

Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.