1971 දී පළමු වන Microprocessor එක විදිහට intel ආයතනය intel 4004 ලෝකයට හදුන්වා දුන්නා. පසුව කාලයත් සමග තාක්ෂණය දියුණුවී ලෝකයට විවිධ Microprocessor Generations පැමිණියා. අද අප සිටින්නේ 5th Generation යුගයේ වේ.
Microprocessor, Computer එක තුල පවතින්නේ Integrated circuit එකක් ලෙසයි. එමනිසා මෙය ක්‍රියාත්මක වීම සදහා යම් කිසි බාහිර ශක්තියක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ Microprocessors, මේ දක්වා ක්‍රියා කලේ විදුලි ධාරා ගමන් කරවීම මගිනි. සාමාන්‍යයෙන්, සාපේක්ෂව මේ සදහා සැලකිවයුතු විදුලි ප්‍රමාණයක් වැය වෙනවා. Processor Speed එකේ වුනත් තව වැඩි වීමක් වුනොත් හොදයි කියලා අපිට හිතෙනවා.
මේ සදහා පර්යේෂණ කල ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කණ්ඩාමක් විසින් Chip තැනීමේ නව තාක්ෂණයක් සොයාගැනීමට සමත් වුණා. එනම් විදුලිය වෙනුවට ආලෝකය ගමන් කරවීම මගින් ක්‍රියාත්මක කරන Light-based Microprocessor එකක් හදුන්වා දුන්නා. මෙම Processor එකේ speed එක කොතෙක්ද කීවොත්, මෙය දැන් තිබෙන processor වලට වඩා පනස් වාරයකින් (x 50) වැඩි කළහැකි එකකි. තවද මේ සදහා වැය වන්නේ ද අඩු විදුලි බලයකි.
මෙම තාක්ෂණය Optical Computing නම් විෂය යටතට ගැනෙයි. එනම් ඩිජිටල් ගණනය කිරීම් සිදු කිරීම සඳහා විද්‍යුත් ධාරාවට වෙනුවට, දෘශ්‍ය ආලෝකයේ හෝ අධෝරක්ත බාල්ක(IR beams) වල ප්‍රෝටෝන(photons) භාවිතා කිරීමයි. Quantum Computing වගේම මෙයත් ගොඩක් පුළුල් මෙන්ම බොහොම රසවත් විෂය පථයක්.
මෙලෙස තනන ලද Microprocessor වල ඉතා කුඩා ඉඩක් ඇසුරෙන් වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු කල හැකි වේ. දැනට සොයාගෙන තිබෙන තාක්ෂණයට අනුව එය ඝන මිලිමිටරයකදී තත්පරයට ගිගාබයිට් 300 කි. එය සාමාන්‍ය processor එකකට වඩා පනස් ගුණයකට වැඩි ප්‍රමාණයකි. දැන් ඔබට පැහැදිලි වන්නට ඇති මෙය කොතරම් ප්‍රබලද යන්න. මෙහි අඩු විදුලි පරිභෝජනයක් වන නිසා processor එක රත් වීමද ඉතා අඩුය. සාමාන්‍යයෙන් processor රත් වන විට එහි වේගය අඩාල වන බව ඔබ අත්දැකීමෙන් දන්නා දෙයකි. නමුත් මෙම processor එකේ රත් වීම අඩු නිසා එය තව තවත් කාර්යක්ෂම වී ඇත. මෙහි සිලිකන් chip මත transistor පරිපථ සකසනු වෙනුවට පරමාණුක මට්ටමෙන් transistor තනා, ඒ ඇසුරෙන් chip තැනීමේ නව තාක්ෂණික ක්‍රමයක්ද වේ. මෙය Quantum computing විෂය යටතට ගැනෙයි.
https://www.youtube.com/watch?v=2Crij-8EAkQ
අනාගතයේ දී මෙම Quantum computing හා Optical Computing එක් කරමින් විදුලිය සහ ආලෝකය එක්ව භාවිතා කරන මෙම වේගවත් හා බලසම්පන්න Hybrid තාක්ෂණය අනෙකුත් Electronic උපාංග නිෂ්පදනයේදී ද අනිවාර්යෙන්ම යොදාගනීවී.
Article by: Mayantha Fernando
Rumes prasanga
wrote on
Mayantha Fernando
wrote on
Chrishani
wrote on
Mayantha Fernando
wrote on
Madhushi Jayasinghe
wrote on
Mayantha Fernando
wrote on
Chamodhya
wrote on
Mayantha Fernando
wrote on
Oshin Hapuarachchi
wrote on
Mayantha Fernando
wrote on