Categories: Internet Sinhala

ඔන්ලයින් වීඩියෝ බලනවාටත් බද්දක්!

ඔබ පුදුම වෙන්නත් ඇති මාතෘකාව දැක්කම. ඇත්ත, මේක  හුගක් අය දන්නේ නැති කතාවක්. YouTube එකේ ඔබ බලන වීඩියෝ එකටත් මේ බද්ද අයවෙනවා. කලබල වෙන්න එපා, මේ බද්ද අයවෙන්නෙ අපෙන් නෙමේ. අපි බලන වීඩියෝ එක තියෙන වෙබ් අඩවියෙනුයි මේ බද්ද අයවෙන්නෙ.

මේක වෙන්නේ අන්තර්ජාලයේ තියෙන සෑම වීඩියෝ 5කින් 4ක්ම H.264 වීඩියෝ කෝඩෙක්ස් ලෙස හඳුන්වන ලද , එහෙත් Open Source නොවන තාක්ෂණය මත රඳා පවතින නිසා.

Codec එකක් කියන්නේ විශාල වීඩියෝ ෆයිල්ස් කුඩා කරවන, එහෙමත් නැත්තම් හකුලවන මෘදුකාංගයක්. එහෙම කුඩා කරවීමෙන් තමා එම ෆයිල්ස් වේගයෙන් අන්තරජාලය හරහා හුවමාරු වීම පහසු කරවන්නේ. එහෙම හකුලපු වීඩියෝ ෆයිල්ස්, අපි බලද්දී තමා අපි පාවිච්චි කරන වෙබ් බ්‍රව්සර් එකේදී දිගහැරලා පෙන්නන්නේ. මේ කාර්යයට අපි compression සහ Decoding කියල කියනව. අපිට මේ පහසුකම දෙන්න YouTube වගේ ආයතන සෑම අවුරුද්දක් පාසා මේ H.264 කියන වීඩියෝ කොඩෙක්ස් එකේ පේටන්ට් බලපත්‍රය තියෙන MPEG-LA කියන ආයතනයට මිලියන ගණනක් ගෙවනවා.

මෙම තාක්ෂණයට නිසා අපි ඔන්ලයින් වීඩියෝ ස්ට්‍රීම් කරත්, මේ තත්ත්වය වෙනස් උනොත් මොන වගේ දෙයක් වෙයි කියල ඔබ හිතනවද? අන්තර්ජාලයේ වීඩියෝ භාවිතය සමග ගොඩනැගී ඇති මෙම විශාල ව්‍යාපාර රඳාපවතින කරුණු කිහිපයක් ගැන අපි සලකා බලමු.

1. කොහොමද ඔන්ලයින් වීඩියෝ බලන එකට බදු අයවෙන්නෙ?
මම කලිනුත් කිවුව වගේ H.264 වීඩියෝ කෝඩෙක් එක පාවිච්චි වෙන සෑම වීඩියෝ එකක් සඳහාම මෙම මෘදුකාංගයේ පේටන්ට් බලපත්‍රය අයිති MPEG-LA ආයතනය වෙත ලෝකය පුරා ඇති මෘදුකාංග ආයතන,ජාලකරණ ආයතන වගේම YouTube, Netflix, iflix වගේ ආයතනත්, ARM වගේ පරිගණක පරිපථ (chips) නිෂ්පාදන ආයතනත් විශාල මුදලක් ගෙවනවා. MPEG-LA ආයතනය නියෝජනය කරන්නේ ඇමරිකා එකසත් ජනපදයේ, ජපානයේ, දකුණු කොරියාවේ, ජර්මනියේ, ප්‍රංශයේ සහ ඕලන්දයේ (Holland) සිටින තාක්ෂණ නව නිපැයුම්කරුවන් පිරිසකුයි.

2. පෙරට වඩා දෙගුණයක් කාර්යක්ෂමතාවයෙන් වැඩි නවතම කොඩෙක්ස්.
ව්‍යාපාරික ලෝකය තුළ කාර්යක්ෂමතාවයට මුදල් වලට සමාන වෙනවා. වඩා හොඳ compression එකක් මගින් වඩා හොඳ ගුණාත්මක බවින්යුතු වීඩියෝ එකක් අඩුම bandwidth එකක්තුල යැවීමට හැකිවීම වාගේ වැදගත් අවස්ථාවන් උදාකරවනවා. CISCO, YouTube සහ Netflix වැනි සමාගම් වලට ඔබේ වෙබ් බ්‍රව්සරයට වීඩියෝ යැවීමට විශාල මුදලක් වැයකරනවා . අද වන විට අන්තර්ජාලයේ පවතින තදබදයෙන් (Internet Traffic) 70% කට වඩා ඔන්ලයින් වීඩියෝ ස්ට්‍රිමින් වනඅතර ඉදිරි වසර කිහිපය තුළදී එම ප්‍රතිශතය 80% ක් දක්වා ඉහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

3.අලුත් කොඩෙක්ස් වල මිල පරණ කොඩෙක්ස්වල මිලට වඩා දහගුණයක් වැඩියි.
MPEG-LA හි ඊළඟ පරම්පරාව කොඩෙක්ස් HEVC / H.265, H.264 වඩා කාර්යක්ෂමයි. එහෙත් එය පේටන්ට් 23 ක් සහ ගැටලුකාරී කොන්දේසි රැසක් සමග පැමිණේ, DVD සඳහා එය මුලිකව නිර්මාණය කර ඇත. දැනට ඇස්තමේන්තු කර ඇති පරදි H.265 සඳහා වන බලපත්‍ර ගාස්තු අද H.264 සඳහා වන බලපත්‍ර ගාස්තුව මෙන් දස ගුණයක පිරිවැයක් විය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ මෙය ගෙවන්නේ කවුද? Netflix වැනි සමාගම් තවදුරත් පවත්වාගෙන යෑම සඳහා එම සමාගම් වල පරිශිලකයන්ගෙන් අයකරන මාසික හෝ වාර්ෂික ගාස්තුව ඉහල දැමීමට සිදු වෙයිද?

4.  H.264 කොඩෙක්ස් බදු ගෙවන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
CISCO සමාගම මගින් 2013 දී ඔවුන් මිලදී ගත් H.264 කොඩෙක්ස් ,  ලෝකය පුර සිටින කුඩා පරිමාණයේ මෘදුකාංග නිපදවන්නන් සදහා නොමිලේ පාවිච්චි කල හැකි ලෙස නිකුත්කලා. එම වටිනා කාර්යය හේතුවෙන් Mozilla පදනමේ Firefox වෙබ් බ්‍රවුසරය ඔබට ඔන්ලයින් වීඩියෝ ස්ට්‍රිමින් පහසුකම ලබාදෙනවා. CISCO සමාගමේ openH.264 කොඩෙක්ස් එක නොවන්නට Mozilla පදනමට MPEG-LA ආයතනය වෙත වසරකට ඇ:ඩො මිලියන් 9.75 ගෙවන්න වෙනවා. නමුත් HEVC / H.265 සඳහාත් CISCO සමාගම බරපැන දරාවිද යන්න ප්‍රශ්නයක්! එය එසේ නොවුනොත් ඔන්ලයින් වීඩියෝ ස්ට්‍රිමින් පහසුකම ලොවපුරා ඇති කුඩා පරිමාණයේ ව්‍යාපාර සදහා යොදාගන්නේ කෙසේද ?

5. සැමටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් කොඩෙක්ස් වල මුලාරම්භය.
Mozilla පදනමේ අභිප්‍රාය සෑම පරිශීලකයෙකුටම, අන්තර්ජාල වේදිකාව වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම තැනක් බවට පත්කිරීමයි. ඒ සඳහා, Mozilla සමාගම විසින් Xiph.org පදනමට ගාස්තු රහිත , හැමෝටම තමන්ගේ මෘදුකාංග, දෘඩාංග සහ වෙබ්පිටු වල ඕඩියෝ සහ වීඩියෝ ෆයිල් නැත්තම් ගොනු compress සහ Decode කරන්න පුළුවන් කොඩෙක්ස් නිපදවීම සඳහා තම සහය ලබාදෙනවා නමුත් opensource කොඩෙක්ස් නිපදවන්න Xiph.org පදනමට අමතරව පසුගිය දශකය පුරාවටම විවිධ සමගාම් සහ පදනම් විවිධ ව්‍යාපෘති ආරම්භ කරනවා. Mozilla daala ව්‍යාපෘතිය, ගූගල් විසින් VP9 ව්‍යාපෘතියත්, Cisco සමාගම විසින් වීඩියෝ conferencing සඳහා නිපදවන ලද Thor ව්‍යාපෘතියත් ඉන් කිහිපයක්. මේ සියලුම ව්‍යාපෘතිවල එකම අරමුණ වුනේ,  අන්තර්ජාලය හරහා උසස් තත්ත්වයේ වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා වේගවත්, විශ්වසනීය හා අඩු වියදමකින් යුතු ඊලඟ පරම්පරාවේ වීඩියෝ compression තාක්ෂණයක් නිර්මාණය කිරීමයි. 2015 දී Mozilla, ගූගල්, Cisco, amazon, Netflix සමාගම් හා දෘඪාංග නිපදවන සමාගම් වන AMD, ARM, Intel, NVIDIA සමඟ එක්ව AOMedia පදනම පිහිටුවීමට කටයුතු කළහ. AOMedia විසින් AV1 ලෙස හඳුන්වන කොඩෙක් මෘදුකාංග නිපදවනලදී. AV1 බොහෝ දුරට ගූගල්හි VP9 වල කේතයන් පදනම් කොට ගෙන Daala, Thor සහ VP10 හි මෙවලම් හා තාක්ෂණයන්ද ඇතුළත්ව නිපදවා ඇත.

6. Mozilla පදනමට AV1 වැදගත් වෙන්නේ කොහොමද?
ඒකට හේතු දෙකක් තියෙනව. එකක් AV1 opensource. ඒ කියන්නේ ඕනෑම අයෙකුට එය නොමිලේ භාවිතා කරන්න පුළුවන්. වෙබ් අඩවි නිර්මාණකරුවන්ට ඔවුන්ගේ වෙබ් අඩවි සඳහා තමන්ගේම වීඩියෝ players ගොඩනගා ගත හැකිය. සෑම කෙනෙකුටම අන්තර්ජාලය හරහා උසස් තත්ත්වයේ වීඩියෝ නැරඹීම, හුවමාරු කිරීම වැනි දෑ ඉක්මනින් සහ අඩු වියදමකින් ( අන්තර්ජාල ගාස්තු)  කරගන්න පුළුවන් වෙනවා.

අනිත් හේතුව වෙන්නේ AV1 හි ඇති වඩා හොඳ compression තාක්ෂණයයි. එය දැනට තිබෙන වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු කොඩෙක්ස් වලට වඩා 30% පමණ ප්‍රතිශතයකින් වඩා හොඳ බව මොස්කව් විශ්වවිද්යාලයේ අධ්‍යනයකින් හා ෆේස්බුක් මගින් කරනලද පරීක්ෂාවකින් හෙළිවෙලා තියෙනව.

මෙම සේවාව තුලින් සමාගම් වලට වේගවත්ව හා අඩු වියදමකින් වීඩියෝ හුවමාරු කරගන්න පුළුවන් වගේම ඔවුන්ගේ දත්ත ගබඩාවේ ඒ සඳහා අවශ්‍යවන ඉඩ ප්‍රමාණයද අඩුවෙනවා. ඒ වගේම අපිට අනර්ඝ තත්වයෙන් යුතු වීඩියෝ බලන්න සහ හුවමාරු කරන්න වගේම අනිකුත් පහසුකම්ද ලැබෙනවා.

7. AV1 වල පුනරාගමනය
opensource නොවන කොඩෙක්ස් වලට ආදේශකයක් ලෙස AV1, 2018 ජුනි මස සිට ගාස්තු රහිතව භාවිත කිරීමේ හැකියාව ඔබසැමට ලැබිල තියෙනව. AV1 පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍යනම් මේ ලින්ක් එක වෙත පිවිසෙන්න.
https://hacks.mozilla.org/2018/06/av1-next-generation-video-the-constrained-directional-enhancement-filter/

2 comments on “ඔන්ලයින් වීඩියෝ බලනවාටත් බද්දක්!”

Post a comment

  1. Rashmi wrote on

    Very important artical. Thankyou

    Reply

  2. Madhurasri wrote on

    ගොඩක් හොඳ ලිපියක්. නිකමටවත් හිතිලා නෑ මෙහෙම සිද්ධියක් ඇති කියලා.. ස්තූතියි. .. ❤️

    Reply

Leave a Reply to Madhurasri

Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.