Categories: Event

Firefox FoxFooding – අළුතින්ම එන Firefox Focus Beta සංස්කරණයේ අත්හදාබලන්නෙක් වන්න

Firefox Focus යනු Mozilla සමාගමේ පෞද්ගලිකත්වය සුරකිමින් අන්තර්ජාලය පරිශීලනය කිරීමට නිපදවා ඇති Browser මෘදුකාංගයක්. සාමාන්‍ය Firefox මෘදුකාංගයට එහා යමින් අන්තර්ජාලය තුල තමන්ගේ පෞද්ගලික විස්තර සුරකීමට කැමති අයටත්, සරල Browser මෘදුකාංගයක් භාවිත කිරීමට කැමති අයටත් නොමිලයේ තමන්ගේ ජංගම දුරකථනයන්ට (Smart phone) භාගත කරගෙන රිසිසේ භාවිත කිරීමට සහ බෙදාහදාගැනීමට අවස්ථාව ලබා දෙන Open Source වර්ගයට අයත් මෘදුකාංගයක් යනුවෙන් හදුන්වන්න පුළුවන්.

Firefox Focus වැදගත් වන්නේ ඇයි?

බොහෝමයක් ආයතන වලින් නොමිලයේ ලබාදෙන මෘදුකාංග වලින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ශා නොවනවාක් මෙන්ම ඔබගේ browsing habits හෙවත් ඔබ අන්තර්ජාලයේ වඩාත් කැමති මොනවටද සහ අකමැති මොනවාටද යන්න නිතරම දැන්වීම් සමාගම් සමඟ යාවත්කාලීන කරන බවට ඔබ නොදන්න කරුණක් විය හැකියි.

Firefox Focus යනුවෙන් විශේෂයෙන් සකසා ඇති මේ Mobile Browser මෘදුකාංගය මගින් පහල සඳහන් අතිරේක ගුණාංග මෘදුකාංගයේ default සැකසුම් ලෙසින් ලබාගන්න පුළුවන්. එම සැකසුම් වලින් ඔබගේ පෞද්ගලිකත්වය වඩාත් ආරක්ෂා කරගැනීමට මෙන්ම දැන්වීම් සමාගම් වලින් (Advertising companies) ඔබව ඉලක්ක කරමින් එවන දැන්වීම් වලින් මිදීමේ හැකියාවද ලැබෙනව.

  • Web trackers නැවැත්වීමේ පහසුකම
  • පහසුවෙන් අන්තර්ජාල ඉතිහාසය (Internet history) සහ Cookies වැනි ඔබව පහසුවෙන් ඉලක්ක කර හැකි දෑ මැකීමේ හැකියාව
  • වඩා වේගවත්ව අන්තර්ජාල පිරික්සීමේ හැකියාව
  • වඩා විනිවිද මෘදුකාංගයක් සහ කේතයන් පිරික්සීමේ හැකියාව

Web Trackers නැවැත්වීමේ පහසුකම

බොහෝමයක් අන්තර්ජාල දැන්වීම් ආයතන වලින් ඔබ භාවිත කරන වෙබ් අඩවි වල Tracking කිරීමට විශේෂ කේතයන් යොදා තිබෙනව. එම කේතයන් හරහා ඔබගේ රැචි අරුචිකම් මෙන්ම ඔබගේ මානසික මට්ටම් ආකෘතියක් (Psycological profile) සාදා ඔබව ඔවුන්ගෙ දැන්වීම් වල ඇති භාණ්ඩ හා සේවාවන් කෙරෙහි වඩාත් නැඹුරුවක් ඇතිවන ආකාරයට දැන්වීම් සැකසීම හා ඔබට පෙන්වීම සිදුකරනවා. බොහෝමයක් අවස්ථාවල මෙම ආයතන වලින් ලබාදෙන දැන්වීම් වලින් මිලදී ගන්න භාණ්ඩ හෝ සේවාවන් ඔබට අවශ්‍ය නොවන, නමුත් ඔබගේ ඒ අවස්ථාවේ මානසික තත්වය (psycological state) භාවිතයෙන් බලෙන් නැඹුරු කිරීමෙන් මිලදී ගැනීමට යොමු කරන ඒව විය හැකියි. මීට අමතරව සමාජ මාද්‍ය ජාලයන් (Social media) හරහා ක්‍රමානුකූලව ඔබගේ සිතුම් පැතුම් හා නැඹුරුවීම් වෙනස් කිරීමටද මෙම මානසික මට්ටම් ආකෘති උපකාරී වෙනව.

මේ සියල්ල ඔබ ගමන් කරන වෙබ් අඩවි වල ඇතුලත් කර ඇති Ad tracking code හරහා සිදුවන අතර වර්ථමානයේදී අතිවිශාල වෙබ් අඩවි සංඛ්‍යාවක් මෙම දත්ත තෙවන පාර්ශවයේ දත්ත ගබඩා හෝ දැන්වීම් ආයතන සමඟ හුවමාරු කරගන්නවා. Firefox Focus මෘදුකාංගයේ default සැකසුමක් ලෙසින් එන web trackers නැවැත්වීම මඟින් අදාල ආයතන වලට ඔබව track කිරීමට සහ එම දත්ත පදනම් කරගෙන මානසික මෑනවිම (Manipulation) සිදුකිරීමට ඇති හැකියාව අවම වෙනව.

පහසුවෙන් අන්තර්ජාල ඉතිහාසය (Internet history) සහ Cookies වැනි ඔබව පහසුවෙන් ඉලක්ක කර හැකි දෑ මැකීමේ හැකියාව

Web trackers මෙන්ම Cookies නමින් හදුන්වන කුඩා දත්ත ගොනු ඔබගේ browser මෘදුකාංගයට වෙබ් අඩවි වලින් එකතු කිරීම සිදුකරන්නෙ හොද සහ නරක අරමුණු දෙකම පදනම් කරගෙන විය හැකියි. මෙයින් සිදුවන හොද අරමුණ නම් ඔබගේ ගිණුම් වල තත්වය (account login state) වැනි දෑ පහසුවෙන් අදාල වෙබ් අඩවියට මතක තබාගත හැකි වීමයි. නමුත් මෙම cookies භාවිත කරමින් ඔබගේ රුචිඅරුචි විමසීමට දැන්වීම් ආයතන කටයුතු කරන බව නොරහසක්. එමනිසා යම් කිසි පිරික්සුම් වාරයක් (browsing session) අවසානයේ මෙම cookies මැකීම මඟින් ඔබගේ පෞද්ගලිකත්වය මෙන්ම රුචි අරුචිකම් ද මීලග අවස්ථාවේ ඔබ අන්තර්ජාලය භාවිත කරන විටකදී දැන්වීම් සමාගම් වලට පහසුවෙන් ලබාගැනීමට නොහැකි වෙනවා.

බොහෝමයක් බ්‍රව්සර් මෘදුකාංගයන් හී මෙම පහසුකම පරිශීලකයාට තරමක් ලඟා වීමට අපහසු ස්ථානයක තබා ඇත්තෙ මේ සටහන් මැකීමෙන් දැන්වීම් සපයන ආයතන වලට කාර්යක්ශමව ඔබගේ දත්ත ලුහුබැඳීමට අපහසු වෙන නිසා. නමුත් Firefox Focus හී ඉතා සරලව මෙම කාර්යය නිමා කරගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනව.

වඩා වේගවත්ව අන්තර්ජාල පිරික්සීමේ හැකියාව

ඉහත සඳහන් කල දෑ ඔබගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල දත්ත ප්‍රමාණය අනවශ්‍ය ලෙස භාවිත කරනවාක් මෙන්ම ඔබගේ පිරික්සුම් වේගය ද අඩාල කිරීමට බලපානවා. එමෙන්ම වැරදි ලෙස ක්‍රමලේඛ කර ඇති tracking කේතයන් නිසා ඔබගේ browser මෘදුකාංගය වේගය අඩාල වී වැඩකිරීම, ජංගම දුරකථනයේ බැටරි ප්‍රතිශතය ඉක්මනින් අවසන් වීම වැනි අවාසි සහගත දේවල් කීපයක් ම සිදුවෙනව. නමුත් Firefox Focus මෘදුකාංගය හරහා වඩාත් සුමට සහ වේගවත් අන්තර්ජාල පිරික්සුමක් සිදුකර ගැනීමේ හැකියාව පරිශීලකයාට ලැබී තිබෙනව.

FoxFooding යනු කුමක් ද?

FoxFooding යන වචනය සෑදෙන්නෙ Dog Fooding යන වචනයේ ඌරුවෙන්. මෙහිදී යම් ආයතනයක්, පුද්ගලයෙක්, ​හෝ කණ්ඩායමක් යම් කිසි සේවාවක් හෝ භාණ්ඩයක් භාවිත කරමින් එහි ඇති දෝශ සෙවීමද, තමන්ගේ එදිනෙදා භාවිතය සඳහා භාවිත කිරීමට යනුවෙන් හැදින්විය හැකියි. FoxFooding හී මූලික අරමුණ වන්නෙ Firefox Focus නවතම සංස්කරණය භාවිත කරමින්, එහි ඇති දෝශ සෙවීම සහ එම දෝශ Mozilla වෙත දැන්වීමටත් එම මෘදුකාංගයම හැකිතාක් භාවිත කිරීමයි. ලාභ නොලබන ආයතනයක් වන Mozilla පදනමින් මෙම කර්තව්‍ය සඳහා පරිශීලක ඔබේ උපකාරය බලාපොරොත්තු වෙනවා.

මෙයට ඔබ සහභාගී වන්නේ කෙසේ ද?

Mozilla ශ්‍රී ලංකා කණ්ඩායම මඟින් ලංකාවේ FoxFooding කරන්නන් වෙනුවෙන් මේ වන විට අන්තර්ජාල උපකාර වෙබ් අඩවියක් සකස් කරමින් පවතින අතර, මෙම දිගුව හරහා ගොස් ඔබගේ සහභාගීත්වය ද සටහන් කිරීමට පුළුවන්. ඔබගේ සහභාගීත්වය සටහන් කල පසුව මෙම දිගුව හරහා ගොස් ශ්‍රී ලංකා Mozilla කණ්ඩායමේ සහභාගීත්වයද සටහන් කිරීමෙන් අපහට සහය වීමට පුළුවන්.

FoxFooding Main event – https://community.mozilla.org/en/campaigns/foxfooding-focus-for-android-and-ios/

Mozilla Sri Lanka FoxFooding event – https://community.mozilla.org/en/events/sri-lanka-foxfooding-focus-for-android-and-ios/

පරික්ශා කිරීමට ඇති අංගයන් ගැන දැන ගැනීමට මෙම දිගුව හරහා ගොස් එහි ඇති Features to test කොටස කියවීම මඟින් වැඩි අවබෝධයක් ලබාගැනීමට හැකියාව තිබෙනව.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.