Dark Funnel Campaign එකෙන් ලංකාව ලෝකයේ දෙවන තැනට

Dark Funnel Campaign කිය න්නේ මොකක්ද කියල ඔබ දන්නවද ?  ලෝකයේ අන්තර්ජාල පහසුකම් වර්ධනය වීමත් එක්කම අපි දෙයක් ගැන අන්තර්ජාලයේ පරික්ෂා කලොත් ඔබට ඒ සම්බන්ධ ප්‍රතිපල ඕනේ තරම් ලබාගන්න පුළුවන්. නමුත් මේ හැම ප්‍රතිපලයක්ම ආරක්ශිතද?

සිතන්න ඔබ firefox download කරන්න අවශ්‍ය වෙලා ඔබ එය download කිරීමට අවශ්‍ය වෙබ් පිටුවක් ලබාගන්නට වෙහෙසෙනවා කියලා. ඔබ firefox download කියල අන්තර්ජාලයේ පරික්ෂා කලොත් ඔබට ලබාගන්න පුලුවන් වේවි sources ඕනේ තරම්. නමුත් මේවා කියක් සුරක්ෂිත ඒවාද? ඔබ ඒ ගැන මොහොතක් සිතුවද?

Dark Funnel කියන්නේ ඔබ මේ සුරක්ෂිත නොවෙන විදිහට පාවිච්චි කරන වෙබ් අඩවි වලට.  මේ සුරක්ෂිත නොවෙන වෙබ් අඩවි සියල්ලම නරක ඒවා නෙමෙයි, හොද වෙබ් අඩවිත් මේ අතර තියෙනවා. මේ Dark Funnel Campaign එක මගින් unauthorized Firefox download buttons ගැන කතා කලේ. මේ වසරේ Mozilla අයගේ ප්‍රධාන අරමුණු අතර මේ dark funnel හඳුනා ගැනීම ඉතා වැදගත් ස්ථානයක පවතිනවා. මේකට සහභාගී වීමෙන් ඔබ ලබපු ජයග්‍රහණය තමයි ලෝකයේ සියලු දෙනා අතරට අන්තර්ජාල සුරක්ෂිත බව කියන දේ හුරු කරවිම.  ඒ වගේම මේකෙන් Firefox පාරිභෝගිකයාගේ ආරක්ෂාව පවා තහවුරු වෙනවා. නිතරම ඔබේ අන්තර්ජාල නිදහස වගේම අන්තර්ජාල සුරක්ෂිත බව වෙනුවෙන් Mozilla කැපවී සිටිනවා කිවොත් නිවැරදියි.

සැප්තැම්බර් මාසේ 17-24 කාලයේදී පැවැත්වුණු මේ campaign එක ශ්‍රී ලංකාවෙත් පැවතුණා. ඒ වගේම ශ්‍රී ලංකාව දැනට ලෝකයේ දෙවනියටම වැඩි dark funnel contributions කෙරුණු රට විදිහට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒක ලංකාවේ Open Source Mozilla Contributorsල ලබපු විශාල ජයග්‍රහණයක් කියන්න පුළුවන්.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දෙකක් හරි හරියේ සුදානම් වුණා. ඒ තමයි NSBM විශ්වවිද්‍යාලය හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. NSBM ආයතනය නිර්මාණය කරපු event එක ඇතුළු සියලුම විස්තර මේ ලින්කුවෙන් ඔබට ලබාගන්න පුළුවන්. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ event එකේ තොරතුරු මේ ලින්කුවෙන් ලබාගන්න පුළුවන්. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ event රූපරාමු බලන්න මේ ලින්කුව  මගින් ඔබට පුළුවන්. මේ විශ්වවිද්‍යාල දෙකේම Mozilla Clubs වුනු, NSBM Mozilla Campus Club හා  Mozilla Campus Club UWU  ට විශේෂ ස්තුතියක් හිමිවිය යුතුයි මේ ක්‍රියාන්විතය දියත් කිරීම සම්බන්ධයෙන්…

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.